( මට කවි ගී නම් කියන්න බැහැ .. කියන්නත් කොහොමවත් බැහැ , එත් මේක මගේ තාත්ත ගැන මගේ හිතට දැනුන දේ තමයි කුරුටු ගාල තියන්නේ .. අඩු පාඩු ඇතොත් පෙන්වා දෙන්න ඊලග එකේදී හදාගන්න උත්සහ කරන්නම්)
හිමිදිරියෙම පිටවී ගොස්
රෑ බෝවී ගෙදරට එන පියාණනී ..
දවස පුරා නුඹ විදිනා
දුක් කරදර නිමක් නොමැත ..
සැප සම්පත් අතහැර දා
අප වෙනුවෙන් සියල්ල දී
අපව බලා සතුට ලබන
ආදර මගේ පියාණනී..
නුඹේ රුධිරය කිරි නොව්වත් - රන් දහදිය වී සැලෙනා
ඔය රුධිරය විකුනන්නේ - නුඹට නොවේ අප වෙනුවෙනි ...
නුඹේ කුසින් නොවැදුවාට - නුඹේ ලේ කිරි නොව්වාට
පිය සෙනෙහස සෑමදාම - මව් සෙනෙහස හා සම වේ ...
පිය සෙනෙහස ගැන ලියවුනු
කව් ගී කිසිවක් නැත්තේ
නුඹ විදිනා දුක් කරදර
අපහට නොපෙනෙන හින්දද....
සියලු දෙනා රැක ගන්නට
නුඹ හෙලන රන් දහදිය
නුඹ ගන්නා වෙර වීරිය
රන් මිණි මුතු හා සම වේ..
නුඹ වැනි උත්තම පියෙකුගේ - දරුවෙකු වී ඉපදීමෙන්
ඔය හදවත පුරවා ඇති - පිය සෙනෙහස විද ගනිමින්
ඔබ වැනි ආදර පියෙකුගේ - පිය රැකවරණය ලබමින්
මා දෙපයින් නැගී සිටියෙ - මගේ පියා උතුම් නිසයි ...
හිමිදිරියෙම පිටවී ගොස්
රෑ බෝවී ගෙදරට එන පියාණනී ..
දවස පුරා නුඹ විදිනා
දුක් කරදර නිමක් නොමැත ..
සැප සම්පත් අතහැර දා
අප වෙනුවෙන් සියල්ල දී
අපව බලා සතුට ලබන
ආදර මගේ පියාණනී..
නුඹේ රුධිරය කිරි නොව්වත් - රන් දහදිය වී සැලෙනා
ඔය රුධිරය විකුනන්නේ - නුඹට නොවේ අප වෙනුවෙනි ...
නුඹේ කුසින් නොවැදුවාට - නුඹේ ලේ කිරි නොව්වාට
පිය සෙනෙහස සෑමදාම - මව් සෙනෙහස හා සම වේ ...
පිය සෙනෙහස ගැන ලියවුනු
කව් ගී කිසිවක් නැත්තේ
නුඹ විදිනා දුක් කරදර
අපහට නොපෙනෙන හින්දද....
සියලු දෙනා රැක ගන්නට
නුඹ හෙලන රන් දහදිය
නුඹ ගන්නා වෙර වීරිය
රන් මිණි මුතු හා සම වේ..
නුඹ වැනි උත්තම පියෙකුගේ - දරුවෙකු වී ඉපදීමෙන්
ඔය හදවත පුරවා ඇති - පිය සෙනෙහස විද ගනිමින්
ඔබ වැනි ආදර පියෙකුගේ - පිය රැකවරණය ලබමින්
මා දෙපයින් නැගී සිටියෙ - මගේ පියා උතුම් නිසයි ...
තාත්තලාගේ ගුණ සිංහල බ්ලොග් අවකාශයේ හදිසියේම ඉස්මතුවෙලා පෙනෙන කාලයක් ඇවිත් - සතුටුයි බොහොමත්ම
ReplyDeleteසරච්චන්ද්‍ර මහත්තයා කිව්වානේ පුත්‍ර ප්‍රේමය සම්, මස්, ඇටම්දුලු හරහා යනවා කියලා.
ඒක තේරෙන දු පුතුන් මෙහෙම පිය ගුණ වනන එක හොඳා.. දවසක කවුරුත් ඔතෙන්ට එනවා නෙව.
ජයවේවා!
ඔබගේ අදහස් දැක්වීම ගැන ඔබට බොහොමත්ම ස්තූතියි තිස්ස මහතාණෙනි
ReplyDelete//නුඹ වැනි උත්තම පියෙකුගේ - දරුවෙකු වී ඉපදීමෙන් //
ReplyDeleteමේ ටිකම ඇති ඔයාගේ පියාගේ හිත නිවී, සැනසිලා යන්ට.
අර අම්මලා, අරයලා කියන කතා ඇත්තද?...:D
@ පොඩි කුමාරිහාමි # - කොමන්ටුවට තුති වේවා !! මටත් තවම හිතාගන්න බෑ ඒ කතා ඇත්තද කියල , හැබැයි එක්කෝ මට පිස්සු නැත්නම් එයාලට පිස්සු ඔය දෙකෙන් එකක් නම් සුවර් ම තමයි
ReplyDeleteආහ්හ්...තව මකරෙක් ඇවිත්නෙ... :D කොහොම වුනත් කවිය නම් ලස්සයි යාලු..තාත්තට සතුටු හිතේවි..ඔන්න එහෙමනම් දිගු ගමනකට මගෙන් සුබ පැතුම්.. :))
ReplyDeleteword verification අයින් කළොත් නම් ලේසියි නේද යාළු...
මකුළු පන්චිගේ සුබපැතුම මම ආදරෙන් බාරගන්නවා .. word verification පෙන්නන්නේ නෑ නේ , ඔයාට පේනවද කොහොම උනත් මම ඒ ගැන ටිකක් බලන්නම්
ReplyDeleteමචන් මේ ලියල තියෙන්නේ ලස්සනට.
ReplyDeleteතවත් මකරෙක් ඇවිත් බ්ලොග් ලෝකෙට... අපූරුයි යාළුවා කවි පෙල... කියන්න තරම්නම් අඩු පාඩුවක් නෑ යාළුවා.. දිගටම ලියන්න..
ReplyDelete@ අසරණය # - එල එල
ReplyDelete@ දිනේෂ් # - අදහස් දැක්වීම සහ දිරිමත් කිරීමට මගේ ස්තූතිය
පිය සෙනෙහසට මේ ලියපු කවි ටික ජාතියේම පියවරුන්ට උපහාරයක්ම වේවා !!!
ReplyDeleteමේ කවි ටික නං මට මහ මෙරක් වගේ...මට එක පේලියක්වත් ලියාගන්න බෑ නේ...අබේවර්ධන බාලසූරියගේ පියානනී මා නැවත උපන්නොත් සින්දුව අහනකොට මට ඇඩෙනවා....හරිම සංවේදීයි මට ඒ සිංදුව අහනකොට....ජය...
ReplyDelete@ මධුරංග # එසේම වේවා !!!!
ReplyDelete@ නොදුටු ලොවක් # මට්ට් කවිලියන්න පුළුවන් කමක් නෑ බන් ,, ඔය නිකන් කුරුටු ගාපුව