Sunday, December 18, 2011

ඇතතටම හිතන්න යමක්

ආයුබොවෙන්න !
            ගොඩ දවසකින් මෙ පැත්තේ නාපු හෙතුව දන්නවාද
ගොඩක් බර බර දේවල් කල්පනා කලා මෙ දවස් ටිකේ!
ඔන්න ඔයාලටත් කල්පනා කරන්න හිතන්න දේයක් මං කියන්නම්
මං කල්පනා කලේ ................

ඔන්න බොහොම ඉස්සර ලොකේ ජිවය ඇතිවෙන්න ඉස්සර  ලොකු වලක් තිබුනලු, ඒකේ එක එක දේවල් දිය වෙලා තිබුනලු (එක එක දෙවල් කිවුවේ මුලදුව්‍ය හරිද)
 පරමානු, අනු, මුලදුව්‍ය, සංයොග, තමයි තිබුනා කියන්නේ,
දැන් වැඩෙ කියන්නෙ ඔහොම තිබුනු මුලදුව්‍ය ටික එකසෛල ජිවියෙක් වෙනවා.........
කොහොමද ඒහෙම වෙන්නේ ? නිකන් පාවි පාවි තියන මුලදුව්‍ය ජිවයේ පදනම කියන සෛලය වෙනවා......... එ‍කෙන් නේ අපි ඇති වෙන්නේ ......
එහෙම නේද විද්‍යව අපිට කියන්නේ....................
     දැන් ඔක ගැන හිතලා හිතලා මං තිරණය කලා අතට අහුවෙන කෙමිකල් ජාති ලොකු බකට් එකකට දලා ජිවය ඇති වෙනවද කියලා හොයලා බලන්න,
මෙ දවස් ටිකේම බලන් හිටියා....
නිකන් වතුරෙ හැදෙන මදුරුපනුවෙක් වත් හැදුනේ නැහැ........................




මේ ලෝකයේ අරම්බය විකාශය වර්ථමානය අනාගතය අබිරහසක් ද?
අපිට නොතෙරෙන දේට අපි දේවත්වය දුන්න ද?
නිකන් වතුරේ දිය වෙලා තිබුනු මුලදුව්‍ය මගින් ජිවය ඇති විම ඒවා ශාක සත්ව කියලා බෙදිම. ඒවා තව කුල විශේෂ වලට බෙදිම අද දක්වා ජිවයේ පැවැත්ම විකාශය ................................?
මෙව අහබු දෙවල් මගින් ඇති උනාද?

කාට හරි හරියටම කියන්න පුළුවන් ද?
අපිට දන්න මාන 4ක් තියනවා දිග, පලල, උස, කාලය 
3ක අපිට සැරි සරන්න පුළුවන්
4 වෙනි මානය තුල අපිට සැරි සරන්න පුළුවන් උනු දාට අපිට හොය ගන්න පුළුවන් වෙයි ජිවයේ අරම්භය.............


 ඒදාට මං කියන්නම් මගේ බකට් එ‍කෙ ජිවය ඇති නොවිමට හෙතුව හෙදේ.....









Saturday, December 10, 2011

පිටරට සිට පැමිණි මාව රීට ඇන්ටි පිළිගත් හැටි

ඔන්න ඉතින් දවස් 2 ට පස්සේ මට අයෙමත් මකර ගුහාවට රිංගන්න අවස්ථාව පැදුන .. එකට හේතුව අද රාත්‍රියේ විශේෂ ගමනක් යාමට යොදාගෙන තිබීමත්, එම ගමන අවසාන මොහොතේ නැවත දැමීමට සිදු වීමත්  එම නිසා අද හවස් වරුව මල් පැණියෙන් වැළකී සිටීමත් වේ ,, 
ඉතින් කල්ප කාලාන්තරයක් තිස්සේ ගෙදරින් මේ පුංචි ලංකාවෙන් පිට වෙලා ඉදල දුක පාළුව තනිකම කියන එක උපරිමයෙන් විදලා දෙය්යනේ කියල ගතමනාවක් එහෙම හොයාගෙන ,, ආයේ  රටවල් තියන   පැත්ත බලාගෙන අඩුම තරමේ අසූචි පිඩක් හෝ නොහෙලන්නේම්යි යන ඒකායන සුන්දර ප්‍රාර්ථනාව තඩි සයිස් මල්ලකට දල එකත් කර තියාගෙන ඩුබායි ගුවන් තොටුපොලෙත් ඉල ඇදෙන සිදුවීම් කිහිපියක් සමගින් පය 12 ක් ගෙවලමගේ මේ  සුන්දර පුංචි , මගේ කියන සේරම දෙන ඉන්න ලංකාවට සැපත් වේම මේ වෙනකොට නම් පය 36 ක් විතර ගෙවිල අවසානයි....................

ඉතින් ලංකාවට බැහැල ගෙදර එන්න පිටත් වෙනකොටල දකින්න ලැබුනේ ඇති රමණීය ලෙස මෝටර් රථ දෙකක් ඇක්සිඩන්ට් එකක හැප්පිලා තියඑන දර්ශනයක් ,, ඉතින් ගෙදර ඇවිල්ල ටිකක් ඉදල එහෙම මුලින්ම කලේ හොදට  පැයක් විතර අරගෙන ඇග අතුල්ලල්ල නෑ   ගත්ත එක ,, ( ඒ ඇග අතුල්ලා නෑ  ගැනීමෙන් කලක් තිස්සි ම සොයමින් සිටි ,, නැතිවී ඇතියි මා සිතා සිටි යට ඇදුම් කිහිපයක් මගේ ඇගේ තිබී මතු වීම විශේෂ සිදුවීමක් විය )

ඊට පස්සේ ඉතින් හවස බාගයේදී නරුම කරුම අරුම පුදුම මිතුරු කැල එක් වෙලා එහෙම කස්ටිය සෙට් උනා කියමුකෝ පස්සේ දෙය්යනේ කියල රතු පාට ලේබල් වලින්  පටන් අරගෙන කහ පාට ලේබලෙන් ඉවර කරන තුරාවට  සින්දුද කවිද කතන්දරද වලින් අඩු පාඩුවක් නම් සිද්ද උනේ නෑ ( සුවර් එකටම  අත දෙන්න කෙනෙක් හිටියනම් කස්ටියම සුපර් ස්ටාර් වෙනවා බඩුම  තමයි )

ඔන්න ඒ වැඩෙත් ඉවර වෙලා නිදා ගත්ත .. මම නැගිට්ටේ අද පාන්දර 11 ට විතර තමයි ,, මමත් ඉතින්  නැගිට්ට ගමන් අම්ම හදල දුන්න තේ එකත් අරන් පාර අයිනට වෙලා බිබී ඉන්නකොට ඔන්න පර දිගේ මම පැත්තට එනවා අපේ පැත්තේ රීට ඇන්ටි  ( නම නම් ඔන්න ත්තම එක තායි හොදේ ,  ,, අර බජාර් එකේ ලලක්ක වගේ කෙනෙක් ලු, මම නම් දැකලම න ) ඔන්න ඉතින් රීට ඇන්ටි නැවතුන මම ලග  

ආ .. පුතා කොහොමද ?? අපිටනම් එයේ රේ ඇහුන සද්දේ 

හොදයි ඇන්ටි .. දන්නේ නැද්ද ඉතින් යාලුවෝ වගයක් ආව ඊයේ රැ ...

ආ ඉතින්   දැන් කවදද ආ යේ යන්නේ  ( දීපන්කො උත්තර )? මොනාද කරන්න හිතන් ඉන්නේ ? රස්සාවක් නොකර ඔහොම ඉන්න බෑ නේද ?

ඒ වෙලාවේ නම් මට දැනුනේ අපායේ ඉන්න සේරම යක්කු සෙට් එක මගේ ඔලුවට නැග්ග වගේ ,, හොද වෙලාවට මම උත්තර දෙන්න කලින් අපේ අම්ම එලියට අව නිසා මම මගෑරිය ..

කොහොම උනත් ඔන්න ඕකයි තත්වේ ,, මෙච්චර කාලයක් රට හිටිය .. නිකමට එකෙක් අහන්නේ නෑ ,, කොහොමද     හිටියේ , පාළුද , කැවද , කියලවත්  ,,,ඒ උනාට ඇවිල්ල දෙය්යනේ කියල  පැය 24 ක් වත් යන්න කලින් අහනවා කවදද යන්නේ කියල හරියට මම ගෙදර ඉන්නකොට රීට ඇන්ටිට ටැක්ස් වදිනවා වගේ ,,,,

ඔන්න ඔහොමයි රට ඉදල ආව මව රීට ඇන්ටි පිළිගත්තේ ,,

Thursday, December 8, 2011

සද සද වගේ අපි අපි වගේ.

අද සිංදුවක් කියන්න හදනවා නෙමේ මං..............................

 අපි ගැන හිතුවේ.......... මෙ අන්තර්ජාල අවකාශයේ ඉන්න අපි...............
මුනු පොත ........... බොලොග් ලිවිම............. වල්පල් පත්තර............. ඔපාදුප ඔක්කොම දැන් සිංහලේන් වැඩ දාදා ලියන්න කියන්න පුළුවන්. අලුත්ම භාෂාවක් උනු සිංග්ලිෂ් වලට නැවතිමේ තිත තියන්න දැන් පුළුවන්.......

........... ඉතින් අපේ නව අදහස් සිතුවිලි  නිර්මාන දැන් අපි හෝ ගලා සිංහලෙන් දානවා................

මෙ අතරේ පිරිසක් උත්සහා ගනිමින් ඉන්නවා ජාති වාදේ, අගම් වාදේ පතුරන්න........

........ මෙච්චර කල් අපි හැමොම සමගියේන් මෙ අන්තර්ජාල අවකාශයේ අපගේ සුහදත්වය එකිනේකාට පිරිනැමුවා. එත් අද වෙන ජාතියක් දිහ අගමක් දිහා වෛරයෙන් බලන්න අපව පොලබොන වෙබ් අඩවි බොග් අඩවි  බිහිවෙලා.............

දැන් කුණුහරප ඉගෙන ගන්න ඔනේ අය ඉන්නවානම් එවායේ comment කියවලා පුරුදු වෙන්න පුළුවන්....
ඇයි අපි මෙහෙම බේද වෙන්නේ ... ඒකතු වෙන්න ඔනේ තැන වෙන් වෙලා ඉන්නේ

සද සද වගේ අපි අපි වගේ.

මං කියන්නේ අපි අපි වගේ ඉමු................ ඉඩ දෙන්න එපා කාටවත් ඔබගේ මනසේ බෙදිමේ ලකුණු යොදන්න ජාතින් අගම් අතර.......

.........මං කියපු දේ හරිද වැරදිද ?.........
එක ඔයාල තිරණය කරන්න

Tuesday, December 6, 2011

පොලිස් මහත්තය බෙර ගැසීම සහ මම සින්දු කීම

 පොඩි මතකයක් අවදි උනා ඉතින් ඒ වෙලාවේ වැඩ පැත්තකට දාල අමතක වෙන්න කලින් ලියල දාන්න හිතුව ,, ඔන්න මම ලියනවා කව්රුවත් මුකුත් කියන්න එපා

හ්ම්ම් එදා මට මතක විදියට නම් ඉරිදා දවසක වෙන්න ඕන , ඉතින් ඔන්න එදා සුපුරුදු විදියට අපේ කස්ටිය සෙට් වෙලා එහෙම අර කහපාට ලේබලේ තියන  කොටු බෝතල් වල දාල විකුනන්න තියන මැජික් අරිශ්ටේ අනුමත කොරගෙන රටේ ආර්ථිකයට සහයෝගයක් දුන්න ( රටේ ආර්ථිකේට  සහයෝගෙටමයි බිව්වේ ඔන්න ) සමහරුන්ට ඉතින් ඔය දෙකක් වැදිලා කන්දෙක පොඩ්ඩක් රත් වේගන එනකොට මල් කැඩීමේ ලෙඩේ මතු වෙනවනේ ඉතින් ඔන්න ඔය ලෙඩේ අඩුවක් නැතුවම අපේ සෙට් එකේ හිටපු නිදිමතය ටත් වලදුනා ( මූට නිදිමතය කියන්නේ නිවාඩු දවසට පැය 24 න  22ක්  ම මූ නිදි ) දැන් ඉතින් මුගේ මේ මල් කැඩීම උත්සන්නේ වෙලා ඔන්න ඉතින් යාළුවා ගියා ඒ ඇත්තිව  බැහැ දකින්න ඇත්තිගේ  නිවසට ( ඒ නිවස තියන්නේ අපේ ගමේ ඉදල 5km විතර දුරින් තමයි ) දැන් මූ යනකොට 3 ට විතර ඇති අපිත් ඉතින් අතුරු ටිකත් විසිකරන එක අපරාදයක් කියල හිතල සප්පායම් වෙලා එහෙම ගෙවල් බලා පිටත්  උනා...

ඔන්න රෑ 8 ට විතර නිදිමතය  කෝල් කරනවා මට

'' මචන් තව පැයකින් විතර වරෙන්කො මාව එක්කගෙන යන්න ' කියල

මමත් ඉතින් මූට හිතින් බැන බැන ( කටින් බනින්න බෑ ඒවා කටින් කිව්වොත් මව ගෙදරින් ගහල පන්නන්නවා ) ටී එකක් දාගෙන බයික් එක අරන් පිටත් උන මූව එක්කගෙන එන්න.. ටික දුරක් යනකොට පාර අයිනේ යාලුවෙක් ඉන්නවා දැකල පොඩ්ඩක් බයික් එක නතර කල ,,

'' අඩෝ කොහෙද බන් යන්නේ මේ රෑ වෙලා ?

'' මම මේ ...... යනවා බන් අර @#[[@ ව එක්කගෙන එන්න ,, උබ මොකද කරන්නේ ?

'' අපි මේ පොඩ්ඩක්  සෙට් වෙලා බන් ඉන්නේ ,, වරෙන් වරෙන් දෙකක් දාගෙනම යමු ''

''දැන් බැ බන් දවලුත් ගහල ඉන්නේ ''

'' අනේ මේ තෝ බබා මෙන්න මෙහෙ වරෙන් යකෝ #@[# "£$%!&ç°é* £$$&  නැතුව ...

මටත් ඉතින් මගේ යාළුවගේ ඒ ආදරණීය ඇමතුමට පිටුපාන්න පොඩි අකමැත්තක් තිබුන නිසා ඇතුලට ගිහින් ලග නමල 2-3 ක් දා ගත්ත

හ්ම්ම්ම් ඔය එන්නේ පෙර වැරදි මතු වෙනවා වගේ දවල් එව්වත් පිකප් වෙලා කොහොම හරි එතන හිටපු විනාඩි 10 ට වටේ හිටපු උන් බීල මට ටිකක් වෙන්න මොකක්ද මොකක්ද වගේ .. කොහොමින් කොහොමින් හරි ඔන්න එලියට බැහැල බයික් එකටත් නැගගන මගේ ගමන යන්න පිටත් උනා ( බයික්  එක ස්ටාර්ට් කල හොදේ )

ටික දුරක් යනකොට ( දැන් මම මගේ ගමේ ඉදන් 3 km විතර ඇවිල්ල ) ඔන්න දැන් මට පේනවා ඉස්සරහ හොදට හුරු පුරුදු ඇදුම් ඇදගත්ත සෙට් එකක් ඉන්නවා ,, වෙනකව්රුවත් නෙමේ බාප්පල ..ඒ ලගම පොලිසියේ බාප්පල සෙට් එකක් ,, මට හිතන්න වෙලාවකුත් නේ නැවැත්තුව මුන් ටික මාව,
එකෙක් අව ලගට
'' කෙහෙද යන්නේ ''
'' මේ ලගට යනවා සර් යාලුවෙක් එක්කගෙන එන්න ''

''හ්ම්ම් මුගේ ලග ගද බීල නේද ඉන්නේ ?

'' නෑ කිව්වට සර් පිළිගන්නේ නෑනේ ''( මම දන්නවා අව්ලක් වෙන්නේ නෑ කියල මොකද ට්‍රැෆික්  නෙමේ , නෝමල් සෙට් එකක් )

''එහෙනම් ඉතින් පොලිසියට ගෙනියන්න වෙනවා '''

''අයියෝ එහෙම කරන්න එපා සර් .. මම මේ හදිස්සියකට යන්නේ'' ..

''හරි හරි එහෙනම් ගිහින් සිගරට් පැකට් එකක් අරන් වරෙන්''

''අපොයි සල්ලි නෑ සර් මේ රුපියල් 20 යි තියන්නේ ''( දැන් මුන් 4-5 දෙනාම මගේ වටේ වට වෙලා, දැන් රෑ 10 ටත් කිට්ටුයි , ඉරිදා නිසා පාරෙත් සෙනග නෑ  )

'' හරි එහෙනම් සින්දුවක් කියපන් '' ( කිරි අප්පට බල්ලෝ පනාපි මේ මොන හෙනයක්ද මේ ,අපේ ගමේ ඕනෑම එකෙක්ට සින්දු කියන්න පුළුවන් මට ඇරෙන්න, මට සාමාන්‍යයෙන් සින්දුවක් කියන්න චාන්ස් එකක් ලැබෙන්නේ වෙඩින් වල අන්තිමට එලවගන්න බැරිම සෙට් එකක් ඉතුරු වෙලා බිබී ඉන්නේ ,, අන්න ඒ වෙලාවට මට සින්දුවක් කියන්න චාන්ස් එකක් ලැබෙනවා , එත් සින්දුවේ මැදදී අර සෙට් එකත් නැගිටලා යනවා )
''අයියෝ සර් මට සින්දු කියන්න බැ නේ ''

'' මොකද යකෝ බිව්වට පස්සේ සින්දු කියන්න බැරි .. දන්නා විදියට කියපිය නැත්නම් පොලිසියට ගෙනියනවා බයික් එකත් එක්කම ''
( අනේ අපොයි මට උන අපරාදේ , මේ වෙලාවේ මගේ හිතින් මම නිදිමතයට  පින් දුන්න ඔන්න ඇත්තටම )
''එත් සර් සින්දුවක් කියනවනම් කව්රුහරි තට්ටුවක් දන්නා ඕන , නැත්නම් සින්දුව එන්නේ නෑ නේ ''

'' හරි හරි මෙහාට දීපිය ඔය හෙල්මට් එක, හ්ම්ම් දැන් කියපන්  ,,( ටොකොන් ටොකොන් )
මගේම බයික් එක උද ඉගෙන මගේම හෙල්මට් එකට පොලිස් මහත්තය බෙර ගහනවා ,, මම සින්දු කියනවා අනිත් බාප්පල වටේ ඉදන් හිනා වෙවී බලන් ඉන්නවා.. බොහොම අමාරුවෙන් එකක් නම් කියල ඉවර කර ගත්ත ඕන්...

'' නොදකින් යකෝ තෝ ඉස්කෝලේ යනකලේවත් සින්දුවක් කියල නැද්ද ??  හරි කියපන් තව එකක් '
'
''සර් මම යන්න ඕන ''

'' හරි හරි අපිත් යන්න ඕන තව එකක් කිව්වොත් යවනවා ''

ඔන්න මම දෙවැනි සින්දුවත් කවි කරන්න ගත්ත ,, ටිකකින්  හුරු පුරුදු වාහනයක් නැවැත්තුව විතරයි බයික් එක උඩ හිටපු මහත්තය හෙල්මට් එක බිමදාල හිට ගත්ත ,, මමත් සින්දුව කන එක නවත්තල බැලුව මොකද යකෝ අවේ කියල ,, කෙල්ල තියන්නේ  අදාළ පොලීසියේ OIC .. ඉතින් එතුමා අර හිටපු සෙට් එකට ජාතික බාසාවෙන් අමතල උන්ටත් දැන් පොලිසියට යන්න කියල
'' පල @#"£$%& ගෙදර කියල'' මටත් ආදරෙන් ඇමතුවා

ඒගමන අනේ මම කිගිල්ල කිසිම අතුරු අන්තරාවක් නැතුව අර යකාව අරගෙන ගෙදර අව,,
ඔන්න ඔහොමයි පොලීසියෙන් බෙර  ගහද්දි මම සින්දු කිව්වේ ..........

ප.ලි  ( මේක නම් සිරාවටම සිදු  උන දෙයක් )

තෙරවිලි අංක 1

ඔන්න මං තෙරවිලි තරගයක් තියන්න යන්නේ ........................
.................දිනන අයට තොර බිඩී මිටිය ගානේ දෙනවා.........................

ඹන්න පළමු තෙරවිල්ල
.......ඹන්න මල් වත්තක් තිබුනලු ලොකුම ලොකු......... දවසක් ඔය මල් වත්තට මි මැස්සො රංචුවක් ඇවිත් මල් වල වැහැවුවලු. එක මලක දෙන්නා ගානේ...... (මාරායි නේ)  ඉට පස්සෙ උන් ටික ඉගිල්ලිලා ගිහින් අයේ අවාලු................. අයේ මල් වල වැහැවුවලු...................... මෙදා පාර වැහැවුවේ එක මලක එකා ගනෙලු
................. හරි වැඩෙ එක මි මැස්සෙක්ට මලක් මදි උනාලු.......
.................දැන් ඔයාලට තොරන්න තියෙන්නේ........................................
වත්තේ තිබු මල් සංඛ්‍යව හා වත්තට අපු මි මැස්සන් සංඛ්‍යව
සැ.යු. අවස්ථා දෙකෙම සමාන මල් හා මි මැස්සන් ගෙ අගය වෙනස් නොවේ...................


Monday, December 5, 2011

ගින්නා සහා ජින්නා

                    ඔන්න ඉතින් මගේ නම මරු කලට පස්සේ මට මගේ නම ලගින් යන පොරක් මතක් උනා "ජින්නා". ඔයාලා දන්නවා නෙද ජින්නා අයියාව. මන් වගෙම චාටර් කාපු පොරක් තමා. මන් කැමති විදිහටමයි එ චරිතේ තිබුනෙත්.
......... ගෙදරට හෙරෙන් ගමන් යන , හොර වැඩ කරන චා...ට..ර්... වැඩ වලට මන් කවදත් කැමති....
අනික බිලි බාන වැඩේ...... ඹරු පදින වැඩේ................   මෙහෙම බලද්දි මං ජින්නගෙ මල්ලි ....... ගින්නා

ඉතින් මන් කියපු ජින්නව ඔයාලටත් මතකද මතක නම් කියමුකො බලන්ට කොහෙද කොතනද බුවා හිටියේ කියලා

Sunday, December 4, 2011

''මකරා'' ''ගින්නා'' වීම

දැන් කස්ටිය බලයි යකෝ එක පාරටම කොහොමද 'මකර '' ''ගින්නා '' උනේ කියල , එකට ප්‍රදානම හේතුවක් තියනවා මොකද මම නොදැනුවත්වම '' මකර රජදහන '' නමින් බ්ලොග් අවකාශයේ ප්‍රවීනයෙක්  ඉන්න කොට ඒ නම භාවිත කිරීම  ,, එම නිසා මට ඒ ගැන පහදා දුන් මාරයට ස්තූති වන්ත වෙමින් බ්ලොග් අවකාශයේ සුපතල මකරාගෙන් මගේ නොදැනුවත් කම නිසා සමව ඉල්ලමින් මෙතැන් සිට මගේ මකර ගුහාවේ මම '' ගින්නා '' නමින් පෙනී සිටින  වග සයිබර් අවකාශය තුල පෙරලි කරන සියලුම බ්ලොග් මිතුරු මිතුරියන් වෙත දැන්ව සිටින බව මින් ප්‍රකාශ කර සිටිමි ......

Saturday, December 3, 2011

පිය සෙනෙහස

 ( මට කවි ගී නම්  කියන්න බැහැ .. කියන්නත් කොහොමවත් බැහැ , එත් මේක මගේ තාත්ත ගැන මගේ හිතට දැනුන දේ තමයි කුරුටු ගාල තියන්නේ .. අඩු පාඩු ඇතොත් පෙන්වා දෙන්න ඊලග එකේදී හදාගන්න උත්සහ කරන්නම්)



හිමිදිරියෙම පිටවී ගොස්
රෑ බෝවී ගෙදරට එන පියාණනී ..
දවස පුරා නුඹ  විදිනා
දුක් කරදර නිමක් නොමැත ..

සැප සම්පත් අතහැර දා
අප වෙනුවෙන් සියල්ල දී
අපව බලා සතුට ලබන
 ආදර මගේ පියාණනී..

නුඹේ  රුධිරය  කිරි නොව්වත් - රන් දහදිය වී සැලෙනා
ඔය රුධිරය  විකුනන්නේ - නුඹට  නොවේ අප වෙනුවෙනි ...
නුඹේ කුසින් නොවැදුවාට - නුඹේ ලේ කිරි නොව්වාට
පිය සෙනෙහස සෑමදාම - මව් සෙනෙහස හා සම වේ ...

පිය සෙනෙහස ගැන ලියවුනු
කව් ගී කිසිවක් නැත්තේ
නුඹ විදිනා දුක් කරදර
 අපහට නොපෙනෙන හින්දද....

සියලු දෙනා රැක ගන්නට
නුඹ හෙලන රන් දහදිය
නුඹ ගන්නා වෙර වීරිය
රන් මිණි මුතු හා සම වේ..

නුඹ වැනි උත්තම පියෙකුගේ - දරුවෙකු වී ඉපදීමෙන්
ඔය හදවත පුරවා ඇති - පිය සෙනෙහස විද ගනිමින්
ඔබ වැනි ආදර පියෙකුගේ - පිය රැකවරණය ලබමින්
මා දෙපයින් නැගී සිටියෙ - මගේ පියා උතුම් නිසයි ...



Friday, December 2, 2011

මගේ අලුත් මකර ගුහාව




ඔන්න ඉතින් හැමදාමත් සයිබරේ පුරාවටම දුව දුව ඉන්න එකේ මටත් හිතුන මගේම කියල බ්ලොග් එකක් පටන් ගන්න . හිතිලනම් ගොඩක් කල් හැබැයි ඒ අදහස වැඩිපුරම දැනෙන්න ගත්තේ 'සදරු' ගේ හිස් අහස  බැලුවම තමයි. ජීවිතේ කරපු ගොන් කම් මෝඩ කම් චන්ඩි කම් , ජීවිතේ වැටුන තැන , ඇන ගත්ත තැන් ,කරපු කියපු දේවල් ගොඩක් තියනවා ලියන්න, අපහු ජීවිතේ දිහා හැරිලා බැලීමක් කිව්වොත් වඩාත්ම නිවැරදි වෙයි මම හිතන්නේ,
මුලින්ම මම ගොඩාක්ම ස්තූති වන්ත වෙනවා හිස් අහස ලියන සදරුට මොකද මට බොල්ග් එකක් හදාගන්න විදිය තියන තැනක් පෙන්නලා දුන්නට, සරු සහෝ නුබට බොහොමත්ම ස්තූතියි ,
ඒ වගේම බ්ලොග් ලියන කට්ටියගෙන්ම , මගේ මකර ගුහාවට රිංගන සේරගෙන්ම මම ඉල්ලා සිටිනවා මගේ මේ මකර ගුහාවේ තියන අඩු පාඩු පෙන්නලා දීල මට ''මකර ගුහාව'' දිගටම කරගෙන යන්න උදව් වෙන්න කියල, මම ඔය කස්ටියගෙන්ම උපදෙස්, අදහස් උදහස් බලාපොරොත්තු වෙනවා
ඔෆිස් එකට වෙලා බ්ලොග් එකට නමක් දන්නා හොයා හොයා කැරකි කැරකි ඉන්නකොට අපේ ඔෆිස් එකේම පොරක් ඇවිල්ල එලියට වෙලා දුමක් ඇද  ඇද ඉන්න එකෙක්ව පෙන්නලා කිව්වා ''බලපන්කො අරූගේ වැඩේම කොයි වෙලෙත් දුම දාගෙන ඉන්න එකනේ හරියට මකරෙක් වගේ'' කියල ,එතනින් අහුලා ගත්ත වචනෙන් තමයි මගේ බ්ලොග් එක ''මකර ගුහාව'' උනේ
දැනටනම් මම ඉන්නේ ලංකාවේ නෙමේ , අවරුදු ගානක් කට්ට කාල කාල තව හරියටම දවස් 7 කින් ඒ කියන්නේ දෙසැම්බර් 10 වෙනිදා මම නැවතත් මගේ රටට සැපත් වෙනවා ගොඩාක් දුරට මකර ගුහාවේ වැඩ පටන් ගන්න දිනයත් එකම වෙයි ,,
එහෙනම් ලගදීම මකර ගුහාවේ පලවෙනි පෝස්ටුවත් එක්ක හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය !!