Showing posts with label අලුත් මකර ගුහාව. Show all posts
Showing posts with label අලුත් මකර ගුහාව. Show all posts

Friday, December 2, 2011

මගේ අලුත් මකර ගුහාව




ඔන්න ඉතින් හැමදාමත් සයිබරේ පුරාවටම දුව දුව ඉන්න එකේ මටත් හිතුන මගේම කියල බ්ලොග් එකක් පටන් ගන්න . හිතිලනම් ගොඩක් කල් හැබැයි ඒ අදහස වැඩිපුරම දැනෙන්න ගත්තේ 'සදරු' ගේ හිස් අහස  බැලුවම තමයි. ජීවිතේ කරපු ගොන් කම් මෝඩ කම් චන්ඩි කම් , ජීවිතේ වැටුන තැන , ඇන ගත්ත තැන් ,කරපු කියපු දේවල් ගොඩක් තියනවා ලියන්න, අපහු ජීවිතේ දිහා හැරිලා බැලීමක් කිව්වොත් වඩාත්ම නිවැරදි වෙයි මම හිතන්නේ,
මුලින්ම මම ගොඩාක්ම ස්තූති වන්ත වෙනවා හිස් අහස ලියන සදරුට මොකද මට බොල්ග් එකක් හදාගන්න විදිය තියන තැනක් පෙන්නලා දුන්නට, සරු සහෝ නුබට බොහොමත්ම ස්තූතියි ,
ඒ වගේම බ්ලොග් ලියන කට්ටියගෙන්ම , මගේ මකර ගුහාවට රිංගන සේරගෙන්ම මම ඉල්ලා සිටිනවා මගේ මේ මකර ගුහාවේ තියන අඩු පාඩු පෙන්නලා දීල මට ''මකර ගුහාව'' දිගටම කරගෙන යන්න උදව් වෙන්න කියල, මම ඔය කස්ටියගෙන්ම උපදෙස්, අදහස් උදහස් බලාපොරොත්තු වෙනවා
ඔෆිස් එකට වෙලා බ්ලොග් එකට නමක් දන්නා හොයා හොයා කැරකි කැරකි ඉන්නකොට අපේ ඔෆිස් එකේම පොරක් ඇවිල්ල එලියට වෙලා දුමක් ඇද  ඇද ඉන්න එකෙක්ව පෙන්නලා කිව්වා ''බලපන්කො අරූගේ වැඩේම කොයි වෙලෙත් දුම දාගෙන ඉන්න එකනේ හරියට මකරෙක් වගේ'' කියල ,එතනින් අහුලා ගත්ත වචනෙන් තමයි මගේ බ්ලොග් එක ''මකර ගුහාව'' උනේ
දැනටනම් මම ඉන්නේ ලංකාවේ නෙමේ , අවරුදු ගානක් කට්ට කාල කාල තව හරියටම දවස් 7 කින් ඒ කියන්නේ දෙසැම්බර් 10 වෙනිදා මම නැවතත් මගේ රටට සැපත් වෙනවා ගොඩාක් දුරට මකර ගුහාවේ වැඩ පටන් ගන්න දිනයත් එකම වෙයි ,,
එහෙනම් ලගදීම මකර ගුහාවේ පලවෙනි පෝස්ටුවත් එක්ක හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය !!