Sunday, December 18, 2011

ඇතතටම හිතන්න යමක්

ආයුබොවෙන්න !
            ගොඩ දවසකින් මෙ පැත්තේ නාපු හෙතුව දන්නවාද
ගොඩක් බර බර දේවල් කල්පනා කලා මෙ දවස් ටිකේ!
ඔන්න ඔයාලටත් කල්පනා කරන්න හිතන්න දේයක් මං කියන්නම්
මං කල්පනා කලේ ................

ඔන්න බොහොම ඉස්සර ලොකේ ජිවය ඇතිවෙන්න ඉස්සර  ලොකු වලක් තිබුනලු, ඒකේ එක එක දේවල් දිය වෙලා තිබුනලු (එක එක දෙවල් කිවුවේ මුලදුව්‍ය හරිද)
 පරමානු, අනු, මුලදුව්‍ය, සංයොග, තමයි තිබුනා කියන්නේ,
දැන් වැඩෙ කියන්නෙ ඔහොම තිබුනු මුලදුව්‍ය ටික එකසෛල ජිවියෙක් වෙනවා.........
කොහොමද ඒහෙම වෙන්නේ ? නිකන් පාවි පාවි තියන මුලදුව්‍ය ජිවයේ පදනම කියන සෛලය වෙනවා......... එ‍කෙන් නේ අපි ඇති වෙන්නේ ......
එහෙම නේද විද්‍යව අපිට කියන්නේ....................
     දැන් ඔක ගැන හිතලා හිතලා මං තිරණය කලා අතට අහුවෙන කෙමිකල් ජාති ලොකු බකට් එකකට දලා ජිවය ඇති වෙනවද කියලා හොයලා බලන්න,
මෙ දවස් ටිකේම බලන් හිටියා....
නිකන් වතුරෙ හැදෙන මදුරුපනුවෙක් වත් හැදුනේ නැහැ........................




මේ ලෝකයේ අරම්බය විකාශය වර්ථමානය අනාගතය අබිරහසක් ද?
අපිට නොතෙරෙන දේට අපි දේවත්වය දුන්න ද?
නිකන් වතුරේ දිය වෙලා තිබුනු මුලදුව්‍ය මගින් ජිවය ඇති විම ඒවා ශාක සත්ව කියලා බෙදිම. ඒවා තව කුල විශේෂ වලට බෙදිම අද දක්වා ජිවයේ පැවැත්ම විකාශය ................................?
මෙව අහබු දෙවල් මගින් ඇති උනාද?

කාට හරි හරියටම කියන්න පුළුවන් ද?
අපිට දන්න මාන 4ක් තියනවා දිග, පලල, උස, කාලය 
3ක අපිට සැරි සරන්න පුළුවන්
4 වෙනි මානය තුල අපිට සැරි සරන්න පුළුවන් උනු දාට අපිට හොය ගන්න පුළුවන් වෙයි ජිවයේ අරම්භය.............


 ඒදාට මං කියන්නම් මගේ බකට් එ‍කෙ ජිවය ඇති නොවිමට හෙතුව හෙදේ.....









9 comments:

  1. අප්පා හොදට තිබ්බ ඔළුව නිකන් කැරකෙනවා වගේ.....
    මම අදහසක් කියන්නම් ටිකක් හිතලා බලන්නකෝ මෙන්න මේකයි..

    මම හිතන විදියට ජීවය ආරම්භවෙන්න අවශ්‍ය සාධක තිබුන පලියට ජීවයක් ආරම්භ වෙන්න විදියක් නෑ මොකද ඒ ඒ තත්ව වලට ගැලපෙන්නත් එපැයි.මම කාලයක් තාරකාවිද්‍යාව කරා අපේ ඉස්කෝලේ අන්න ඒ කාලේ මට මතක විදියට ප්‍රසාන් කියලා අයියා කෙනෙක් කථාවක් කිව්වා පෘථිවියේ තිබිලා හොයාගත්තු මුල්ම ඇස්ටොරයිඩය ගැන.මට ලාවට මතකයි ඒකේ නම ALH8400051 වගේ ෂුවර් නෑ.එයා එදා කිව්වේ ඒකේ තිබිලා හදුනා නොගත් බැක්ටීරියා විශේෂ හමුවුණා කියලා.

    ඉතින් ජීවය සෑදීම පිළිබද බුදු දහමෙත් සංකල්ප තියෙනවානේ.හැම ආගමකම තියෙනවා.ඒ හැම එකක්ම සංසන්දනය කරාම පැහැදිලි වෙන්නේ ජීවය පොළොවේ ඉබේ ඇතිවූවක් නෙමෙයි පිටතින් සිදුවූ බලපෑමක් නිසා ඇතිවුනා කියලා.පොඩ්ඩක් හොයන්නකෝ....

    මෙහෙමයි ඉතින් ඕවා කල්පනා කරද්දි මට හිතුනේ පෘථිවියට වැටුනු ඇස්ටොරයිඩයක් නිසා ජීවිය සෑදීමට අවශ්‍ය මුල් පුරුක් පැමිනෙන්න ඇති කියලා.

    මම කියනවට ඔයාලේ මූලද්‍රව්‍ය බේසමට නරක් වෙච්චි පාන් කෑල්ලත්වත් දාලා බලන්නකෝ අඩු ගානේ නරක් වුනු බත් මුලක්වත් දාලා චෙක් කොරලා බලන්නකෝ.

    මම ගොඩක් සතුටු වෙනවා මෙහෙම හිතන්න දෙයක් දැම්මට හැකි හැම වෙලාවකම දාන්න බලන්න.ජයවේවා

    ReplyDelete
  2. ‍ගොඩක් දුරට වෙන්න පුලුවන් එ දෙ තමා සහොදරයා. නැත්නම් මෙච්චර සංකිර්න ජිවින් අහම්බෙන් පහල උනා කියලා හිතන්න බැහැ තමා.
    මං ඇස්ටොරයිඩ් පන් කැල්ලක් දලා බකට් එකේ ජිවය ඇති කරන්නම්.
    ස්තුතියි ප්‍රතිචාර වලට

    ReplyDelete
  3. මොළේ කොලොප්පම් වෙන පුරස්නයක්නෙ. මෑත කාලෙක නම් ඔය සම්බන්ධ ලිපියක් කියෙව්වෙ නෑ, පොඩි කාලෙ කියවපු දෙයක් ඇරෙන්න. ආයෙ කියවන්න ඕන. එතකොට පොඩි කාලෙ තේරුනාට වැඩිය හොඳට තේරෙයිද බලන්න.....

    ReplyDelete
  4. මම මේ කොමෙන්‍ටුව දාන්න පරක්කු වුනේ ඇයි දන්නවද?

    මම කල්පනා කලා... නෑනේ උත්තරයක් කල්පනාවට එන්නේ.. ඔන්න බකට් එකේ ජීවය නැති වීමේ හේතුව හොයාගත්තොත් අනිවා සම්මානිට කියන්න ඕනෙ හරිද !

    ReplyDelete
  5. සංගිත නංගි මොලේ කොලොප්පං කර ගන්න එපා. කල්පනා කලාට කල්පනාවට එන්නේම නැනෙ.......
    සම්මානි නංගිට බකට් එකේ ජිවය නොවන්න හෙතුව මං හොයා ගත්තොත් අනිවා කියනවා

    ReplyDelete
  6. ඕක තමා බොල ඕනෑවට වඩා බොන්ඩ එපා කියන්නේ...

    උඹ කිව්වට මටනම් ඔය ලොකු ලොකු බරෑරුම් දේවල් ගැන හිතන්ඩ ගිහින් හොඳට තියන ඔළුව අවුල් කර ගන්ඩ බෑ. ඒක හින්දා උඹම ඔය මලදානේ හොයාගත්තු දවසකට අපිටත් කියපන්..

    ReplyDelete
  7. මම මේ ලිපියට කමෙන්ට් එකක් දාන්න හිතුනත් ගොඩක් කල්පනා කලා හොදට හිටපු එකාට මොකද එකපාරටම උනේ කියලා.

    ReplyDelete
  8. කොහෙද මෙච්චර කාලයක් ගිහින් ගිටියේ.තවම ලංකාවේද ඉන්නේ.උත්තරයක්‌ ලැබුනොත් අපිටත් කියන්න..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete

ඔබගේ වටිනා කාලයෙන් බිදක් වැයකර දෙන්න අදහසක් මට එල්ලිලා ගොඩ එන්න