ඔන්න ඉතින් හැමදාමත් සයිබරේ පුරාවටම දුව දුව ඉන්න එකේ මටත් හිතුන මගේම කියල බ්ලොග් එකක් පටන් ගන්න . හිතිලනම් ගොඩක් කල් හැබැයි ඒ අදහස වැඩිපුරම දැනෙන්න ගත්තේ 'සදරු' ගේ හිස් අහස බැලුවම තමයි. ජීවිතේ කරපු ගොන් කම් මෝඩ කම් චන්ඩි කම් , ජීවිතේ වැටුන තැන , ඇන ගත්ත තැන් ,කරපු කියපු දේවල් ගොඩක් තියනවා ලියන්න, අපහු ජීවිතේ දිහා හැරිලා බැලීමක් කිව්වොත් වඩාත්ම නිවැරදි වෙයි මම හිතන්නේ,
මුලින්ම මම ගොඩාක්ම ස්තූති වන්ත වෙනවා හිස් අහස ලියන සදරුට මොකද මට බොල්ග් එකක් හදාගන්න විදිය තියන තැනක් පෙන්නලා දුන්නට, සරු සහෝ නුබට බොහොමත්ම ස්තූතියි ,
ඒ වගේම බ්ලොග් ලියන කට්ටියගෙන්ම , මගේ මකර ගුහාවට රිංගන සේරගෙන්ම මම ඉල්ලා සිටිනවා මගේ මේ මකර ගුහාවේ තියන අඩු පාඩු පෙන්නලා දීල මට ''මකර ගුහාව'' දිගටම කරගෙන යන්න උදව් වෙන්න කියල, මම ඔය කස්ටියගෙන්ම උපදෙස්, අදහස් උදහස් බලාපොරොත්තු වෙනවා
ඔෆිස් එකට වෙලා බ්ලොග් එකට නමක් දන්නා හොයා හොයා කැරකි කැරකි ඉන්නකොට අපේ ඔෆිස් එකේම පොරක් ඇවිල්ල එලියට වෙලා දුමක් ඇද ඇද ඉන්න එකෙක්ව පෙන්නලා කිව්වා ''බලපන්කො අරූගේ වැඩේම කොයි වෙලෙත් දුම දාගෙන ඉන්න එකනේ හරියට මකරෙක් වගේ'' කියල ,එතනින් අහුලා ගත්ත වචනෙන් තමයි මගේ බ්ලොග් එක ''මකර ගුහාව'' උනේ
දැනටනම් මම ඉන්නේ ලංකාවේ නෙමේ , අවරුදු ගානක් කට්ට කාල කාල තව හරියටම දවස් 7 කින් ඒ කියන්නේ දෙසැම්බර් 10 වෙනිදා මම නැවතත් මගේ රටට සැපත් වෙනවා ගොඩාක් දුරට මකර ගුහාවේ වැඩ පටන් ගන්න දිනයත් එකම වෙයි ,,
එහෙනම් ලගදීම මකර ගුහාවේ පලවෙනි පෝස්ටුවත් එක්ක හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය !!
මේ මගේ පටන් ගැන්ම නිසා මගේ අඩුපාඩු, වාරි පෙන්වා දෙන්න කියල මම සැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා
ReplyDeleteමුලින්ම සුභ පතනවා අළුත් වැඩේට.. ඒ වගේස බ්ලොග් එකක් කරන්න හිතුව එකත් අකුරක් හරි ලියන එකත් හරි වටිනවා...
ReplyDeleteඒ වගේම පොඩි කාරනාවක් පෙන්නලා දෙන්න කැමතියි..දැනටමත් බ්ලොග් අවකාශයේ සුපතල මකරෙක් ඉන්නවා මල්ලි..හැබැයි එයා කරන්නේ මරක අධිරාජ්‍යය කියලා බ්ලොග් එකක්..ඒත් අපි හැමෝම ඒකට කතා කරන්නේ "මකරා" කියලා...ආන්න ඒක හින්දා නමේ මොනවා හරි වෙනසක් කර ගත්තනං හොඳයි කියලයි මට හිතෙන්නේ..
මොකද කියවන අපිට පටලැවෙන්න තියෙනවා වගේම එක පැත්තකින් දැනට ඉන්න මකරට යම් තරමක අසීරුවක් වෙන්නත් ඉඩ තියෙනවා..ඒ නැතත් අපි දන්නවද ඔයා ඉස්සරහට කොයි වගේ ගමනක් යයිද කියලා..එහෙම ගමනක් යන්න හැකියාවක් තියෙන කෙනෙක්නං දවසක ඔයාටම තේරේවි නම බෙදිලා යන එකේ අවුල... ඒ හින්දා මුලින්ම ඒ ගැන අවධානය යොමු කරන්න..
මුලින්ම මාරයාගේ අදහස් දැක්වීමට සහ ම නොදැන සිටි කරුණක් පිලිබදව ම දැනුවත් කලට බොහොමත්ම ස්තූති වන්ත වන අතරම , මට මග හැරුණු බ්ලොග් අවකාශයේ සිටින "මකරා '' ගෙන් ම නොදැනුවත්වම ඔබගේ නම භාවිත කිරීම පිලිබදව සමව ඉල්ලා සිටිනවා ,..මාරය අයියේ ඔබගේ මග පෙන්වීම වෙනුවෙන් මගේ ප්‍රණාමය ,, ඒ වගේම ඉදිරියටට් මගේ අඩුපාඩු පෙන්වාදෙන ලෙස ඉල්ලා සිටිමි , මගේ නම මින් ඉදිරියට මකර ගුහාවේ ගින්නා ලෙස භාවිත වන බව කරුණාවෙන් සලකන්න
ReplyDeleteඅපිත් පස්සෙන් පන්නලා කමෙන්ට් එකක් දාලා දෙන්න පුළුවන් සපෝට් එකක් දෙන්නම්.... මාත් බොහොම ළඟදි පටන් ගත්තු නිසා මේ වැඩේ තවම ඉගෙන ගන්නවා.....නවත්වන්නෙ නැතිව කරගෙන යමු.... :)
ReplyDeleteලියාගෙන යමු මකරෝ.... සුභ පැතුම්...
ReplyDelete@ මියුරු # - බොහොම ඉස්තූතියි ,, ඒ වගේම ඔයාලගේ අදහස් හැමදාටම බලාපොරොත්තු වෙනවා
ReplyDelete@ ප්‍රසන්න # - එල එල ලොක්කා, මේක ඇදගෙන යන්න සප් එකක් දීපන්
අප්පේ මේන් තව මකරෙක්.අහ් ලියමුකො එහෙනම් බලන්ඩ.:)
ReplyDelete@ නදී # - බොහොම ස්තූතියි ඔයාගේ අදහසට ,, මගේ මකර ගුහාවේ මම මකරෙක් නොවෙමි , මා මකර ගුහාවේ ගින්නා වෙමි
ReplyDelete@ මාරයා # - ඔයා නම ගැන කිව්වේ ''මකර'' කියන නමද'' මකර ගුහාව'' කියන නමද කියල පොඩී පැහැදිලි කිරීමක් කරනවද
ReplyDeleteඅඩෝ... මාත් අලුත් බං සින්ඩිත් එක්ක එකතුවෙන්න. මටත් මාර හෙල්ප් එකක් දුන්නේ සඳරු.අනෙත් හැමෝමත් උදවු දුන්න .භයවෙන්න එපා කට්ටියම එනවා ජයවේව!
ReplyDeleteWord verification අයින් කරලා දාපන් ...
@ අසරණයා # - එළකිරි මචෝ ,, උබලගේ බකප් එක තමයි වටින්නේ
ReplyDeleteඑහෙනම් ඉතින් දිගටම ලියන්න තියෙන්නේ. ජය වේවා !!!!
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න. කමෙන්ට් කරන්න ලේසියි එතකොට.
මෙන්න ක්‍රමේ
Dashboard > Settings > Coimments
word verification
No karanna
සිංහල බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් මිත්‍රයා :))
ReplyDeleteසුභ පතනවා මකරෝ දිගු ගමනකට..ලියන්නකෝ බලන්න ..අපිත් කොමෙන්ටුවක් දාලා සප් එකක් දෙන්නං....
ReplyDeleteඉතින් පටන්ගත්තා වගේම වැඩේ දිගටම කරගෙන යනවා නම් හැමෝටම වඩා මට ආඩම්බර වෙන්න පුලුවන් වේවි මේ බ්ලොග් එකට මමත් සප් එකක් දුන්නා නේද කියලා ..
ReplyDeleteජයෙන් ජය !!!
@ මධුරංග # මචන් බොහොම ස්තූතියි මට වර්ඩ් වෙපිෆිකේෂන් අයින් කරන හැටි කියල දුන්නට , එක කරගන්න දන්නේ නැතුව හිටියේ
ReplyDelete@ නොදුටු ලොවක් # සුබ පැතුමට ස්තූතියි යාලු
@ හසිත # සුබ පැතුමට ස්තූතියි යාලු
@ හිස් අහස # අනිවා මේ බ්ලොග් එක පටන් ගත්තේ සදරු නිසා කියල මම හැමදාම කියනවා