Saturday, December 10, 2011

පිටරට සිට පැමිණි මාව රීට ඇන්ටි පිළිගත් හැටි

ඔන්න ඉතින් දවස් 2 ට පස්සේ මට අයෙමත් මකර ගුහාවට රිංගන්න අවස්ථාව පැදුන .. එකට හේතුව අද රාත්‍රියේ විශේෂ ගමනක් යාමට යොදාගෙන තිබීමත්, එම ගමන අවසාන මොහොතේ නැවත දැමීමට සිදු වීමත්  එම නිසා අද හවස් වරුව මල් පැණියෙන් වැළකී සිටීමත් වේ ,, 
ඉතින් කල්ප කාලාන්තරයක් තිස්සේ ගෙදරින් මේ පුංචි ලංකාවෙන් පිට වෙලා ඉදල දුක පාළුව තනිකම කියන එක උපරිමයෙන් විදලා දෙය්යනේ කියල ගතමනාවක් එහෙම හොයාගෙන ,, ආයේ  රටවල් තියන   පැත්ත බලාගෙන අඩුම තරමේ අසූචි පිඩක් හෝ නොහෙලන්නේම්යි යන ඒකායන සුන්දර ප්‍රාර්ථනාව තඩි සයිස් මල්ලකට දල එකත් කර තියාගෙන ඩුබායි ගුවන් තොටුපොලෙත් ඉල ඇදෙන සිදුවීම් කිහිපියක් සමගින් පය 12 ක් ගෙවලමගේ මේ  සුන්දර පුංචි , මගේ කියන සේරම දෙන ඉන්න ලංකාවට සැපත් වේම මේ වෙනකොට නම් පය 36 ක් විතර ගෙවිල අවසානයි....................

ඉතින් ලංකාවට බැහැල ගෙදර එන්න පිටත් වෙනකොටල දකින්න ලැබුනේ ඇති රමණීය ලෙස මෝටර් රථ දෙකක් ඇක්සිඩන්ට් එකක හැප්පිලා තියඑන දර්ශනයක් ,, ඉතින් ගෙදර ඇවිල්ල ටිකක් ඉදල එහෙම මුලින්ම කලේ හොදට  පැයක් විතර අරගෙන ඇග අතුල්ලල්ල නෑ   ගත්ත එක ,, ( ඒ ඇග අතුල්ලා නෑ  ගැනීමෙන් කලක් තිස්සි ම සොයමින් සිටි ,, නැතිවී ඇතියි මා සිතා සිටි යට ඇදුම් කිහිපයක් මගේ ඇගේ තිබී මතු වීම විශේෂ සිදුවීමක් විය )

ඊට පස්සේ ඉතින් හවස බාගයේදී නරුම කරුම අරුම පුදුම මිතුරු කැල එක් වෙලා එහෙම කස්ටිය සෙට් උනා කියමුකෝ පස්සේ දෙය්යනේ කියල රතු පාට ලේබල් වලින්  පටන් අරගෙන කහ පාට ලේබලෙන් ඉවර කරන තුරාවට  සින්දුද කවිද කතන්දරද වලින් අඩු පාඩුවක් නම් සිද්ද උනේ නෑ ( සුවර් එකටම  අත දෙන්න කෙනෙක් හිටියනම් කස්ටියම සුපර් ස්ටාර් වෙනවා බඩුම  තමයි )

ඔන්න ඒ වැඩෙත් ඉවර වෙලා නිදා ගත්ත .. මම නැගිට්ටේ අද පාන්දර 11 ට විතර තමයි ,, මමත් ඉතින්  නැගිට්ට ගමන් අම්ම හදල දුන්න තේ එකත් අරන් පාර අයිනට වෙලා බිබී ඉන්නකොට ඔන්න පර දිගේ මම පැත්තට එනවා අපේ පැත්තේ රීට ඇන්ටි  ( නම නම් ඔන්න ත්තම එක තායි හොදේ ,  ,, අර බජාර් එකේ ලලක්ක වගේ කෙනෙක් ලු, මම නම් දැකලම න ) ඔන්න ඉතින් රීට ඇන්ටි නැවතුන මම ලග  

ආ .. පුතා කොහොමද ?? අපිටනම් එයේ රේ ඇහුන සද්දේ 

හොදයි ඇන්ටි .. දන්නේ නැද්ද ඉතින් යාලුවෝ වගයක් ආව ඊයේ රැ ...

ආ ඉතින්   දැන් කවදද ආ යේ යන්නේ  ( දීපන්කො උත්තර )? මොනාද කරන්න හිතන් ඉන්නේ ? රස්සාවක් නොකර ඔහොම ඉන්න බෑ නේද ?

ඒ වෙලාවේ නම් මට දැනුනේ අපායේ ඉන්න සේරම යක්කු සෙට් එක මගේ ඔලුවට නැග්ග වගේ ,, හොද වෙලාවට මම උත්තර දෙන්න කලින් අපේ අම්ම එලියට අව නිසා මම මගෑරිය ..

කොහොම උනත් ඔන්න ඕකයි තත්වේ ,, මෙච්චර කාලයක් රට හිටිය .. නිකමට එකෙක් අහන්නේ නෑ ,, කොහොමද     හිටියේ , පාළුද , කැවද , කියලවත්  ,,,ඒ උනාට ඇවිල්ල දෙය්යනේ කියල  පැය 24 ක් වත් යන්න කලින් අහනවා කවදද යන්නේ කියල හරියට මම ගෙදර ඉන්නකොට රීට ඇන්ටිට ටැක්ස් වදිනවා වගේ ,,,,

ඔන්න ඔහොමයි රට ඉදල ආව මව රීට ඇන්ටි පිළිගත්තේ ,,

9 comments:

  1. ඕක පොදු ප්‍රශ්නයක් බන්. මටත් මල පනිනවා ඕක අහුපුවාම. ඒත් ඉතින් මරන්ඩයෑ. හරියට නිකන් අපි ලංකාවේ ඉන්නකොට උන්ට කන්ඩ හම්බෙන්නෑ වගේ.

    ReplyDelete
  2. පොඩි වොඩ්කා කොටයක් එහෙම ඉතුරු නැද්ද මන්දා ? ඇපල් ෆ්ලේවර් එක නම් මරු !!!

    ReplyDelete
  3. අපේ අයියා ආමි එකෙන් නිවාඩු අරන් ඇවිත් ඉන්න වෙලාවක එකෙක් ඇවිත් ඔකම ඇහුවා.... මළ පැනලා අයියා උගේ මූණටම කියුවා "යකෝ ආපු ගමන් යන දවස අහන්නෙ ඉන්න දවස් ගානවත් අහපියකෝ ඔ්නෙමනං...."
    අරු කියනවා
    "ඉතිං ඉන්න දවස් ගාන හදා ගන්න පුළුවන්නෙ යන දවස දැන ගත්තාම" කියලා....

    ReplyDelete
  4. හැමෝටම එකම සෙතේ නේද?.යන්නේ කවදද ක්යලමයි අහන්නේ

    @Mahesh Wickramasinghe උඹේ අය්යාගේ යාළුවා ලොජික් කරපු එකෙක් ද?

    ReplyDelete
  5. එනකම් එන්නෙ කවදද අහනවා. ආව ගමන් යන්නෙ කවදද කියල අහනවා. කියල වැඩක් නෑ....

    ReplyDelete
  6. බීව දේවල් ටික ගැන ඇහුවාම මටත් හිතයි රට ගිහිං එන්න ..

    දැං ඉතින් ආයේ කවද්ද යන්නේ ?

    ReplyDelete
  7. @ සෙන්න # අනේද කියන්නෙ බන් , මුන්ට අපෙන් අහන්න වෙන දෙයක් අත්තෙම නැද්ද

    @ මදුරංග # මොන කොටද බන් , අන්තිමට ගෙදර තිබුන ගල් කොටෙකුත් ගැහුවද කොහෙද

    @ මහේශ් # උබලගෙ අයියට #@$%&^ #@$ #$% %@^&%$$ කියල හිතෙන්න ඇති නෙද බන්

    @ අසරණයා # ඕක අපෙ රටේ ජන්ම ගතියක් වෙන්න ඇති බන්


    @ මියුසික් ගර්ල් # අකනේ කියන්නෙ ,, කවද හැදෙයිද මන්ද

    @ සදරු # හිතන්නවත් එපා බන් රට යන්න , මම යන්නෙත් නැහැ අයේ

    ReplyDelete
  8. ඇත්තනේ ඉතිං වෙන මොනවද අහන්නේ කොහොම කවුරු හම්බුනත් අපි ඕකනේ අහන්නේ....

    ඇත්තටම ඒ රට එපා වෙන්න හේතුව අපිටත් කිව්වොත් මොකද ඒ පඩි වලට මෙහේ ඈයෝ යන්නමනේ හදන්නේ....

    ReplyDelete
  9. තව දෙයක් මතක් වුණා....

    හිස් අහසේ සදරු අයියනම් කවදාවත් හැදෙන්නේ නෑ බොනව නෙමෙයි නානවා එහේ.දැන් ඔයත් එහෙමයි මේක මාර කේස් එකක්නේ හිතෙන්නේ නැද්ද මේ පෝස්ට් ආයේ කියෙව්වාමවත් ජීවිතේ ගොඩක් වටින දෙයක් බීම නිසා නැතිවෙලා කියලා....

    බීලා ඔල්මොරොන්දම් වෙලා ඉන්න කාලේ නොබී නවකථාවක්වත් ලියමුකෝ මේ අත්දැකීම් වලින්.සදරු අයියටත් කියන්න ඕනේ මේ ගැන.මේ තියෙන රචනා හැකියාවෙන් වැඩක් ගන්න.මමනම් අමද්‍යප මම තාම උ/පෙ කරන්නේ

    ReplyDelete

ඔබගේ වටිනා කාලයෙන් බිදක් වැයකර දෙන්න අදහසක් මට එල්ලිලා ගොඩ එන්න